454545

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර අද පැවති මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්විය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 55ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය.

මෙම ලකුණු 55 ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියකදී ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර ශ්‍රී ලංකාව 1975 ලෝක කුසලාන තරඟාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 86 කට දැවීයාම මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.

About The Author

Leave a Reply