
ග්රැෆයිට්, ග්රැෆීන් බවට පත් කළ විට අගය විශාල වශයෙන් වැඩිවන නමුත් නිෂ්පාදනය කල හැකි ප්රමාණය කුඩා බැවින් එයින් රටේ ආදායම විශාල වශයෙන් වැඩි නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසනවා. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මීට වඩා පුළුල්ව කල්පනා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.