Law

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයකු සහ නීතිඥවරියක අතර ගුටි බැට හුවමාරුවක් සිදුවූ බවට වාර්තා වේ. මේ සිද්ධියවී ඇතැයි පැවසෙන්නේ පෙරේදා(2) දහවල් කාලයේදීය.

නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත. ගුටිබැට හුවමාරුවෙන් පසු එම දෙදෙනාම රෝහල්ගතවී සිටින බව බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

එම අධිකරණයේ නීතිඥවරුන් දෙදෙනකු අතර මීට මාසයකට පමණ පෙරදීද නඩු බෙදා ගැනීම පිළිබඳ කාරණයක් මත ගුටි බැට හුවමාරුවක් සිදුවූ බව පොලිසිය පවසයි.

About The Author

Leave a Reply