port-city-colombo

ආසිරි පෝට් සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම විසින් කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 

එහි යෝජිත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන100කි.
 
2023 අංක 2 දරණ කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝගවල 2 (ආ) යටතේ එම ව්‍යාපෘතිය නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති බව වාර්තා වෙයි. 

ඒ අනුව, එකී විධිවිධාන යටතේ අදාළ නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

About The Author

Leave a Reply