ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.
ඊයේ (23) පස්වරුවේ පැවති එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගත් බව වාර්තා වන අතර හිටපු පළාත් පාලන නියෝජිතයන්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගී විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කරදීම පිළිබඳවද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
තවද එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර දෙපාර්ශ්වය එකඟතාව පළකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජයගැනීමේ අරමුණු ප්රමුඛ කරගනිමින් ඉදිරියට යායුතු බවටය.
බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිතිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 03ක් පවත්වා තිබේ.