ලබන ඔක්තෝබර් 18වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපති සහෝදරයෙක් පත්වන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුරයේ පවත්වන ලද ජන හමුවක් අමතමින්.
එලෙස පත්වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රථම රාජකාරිය දූෂිත කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම වනවා.
ඉන් අනතුරුව අමාත්‍යධුර සියල්ල කෙටි කාලයකට තමන් යටතට පවරා ගැනීමට නව ජනාධිපතිවරයා කටයුතු කරන බව විජිත හේරත් මහතා අවධාරණය කළා.
කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇති.
ඉන් අනතුරුව දූෂිතයන්ගේ තොර ජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තෝරා පත් කිරීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.