
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔහු ගේ නියෝජිත ලෙස ජනාධිපති නීතිඥ රොනෙල් පෙරේරා මහතා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී.
ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින බවත් හෙතෙම සදහන් කලේය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය කැඳවීමට අදාළ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා බාර ගැනීම අගෝස්තු 15 වැනිදාත් ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා