ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
එසේම කුසල් ජනිත්, ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ද ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක කිරීමට ද තීරණය කර ඇත.
තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.