sllpp-1

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (සැප්. 6) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ සඳහා එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්, හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වන දා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කරන ලදී.

ඒ අනුව, අගෝස්තු 26 වන දා සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර) ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම සිදු කරයි.

About The Author

Leave a Reply