ඔබේ ලග්නය මේෂ නම්,
මේෂ ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ කුජ ග්‍රහයා හත්වැන්නේ සිටී නම් යහපත් පිහිටීමකි . විවාහයට ඉක්මන් වෙයි . හදිසි තීරණ ගනියි . සහකරු හෝ සහකාරියගේ පෙනුමට මුල් තැනක් දේ. කුජ හත්වැන්නේ සිටින ඔබ ක්‍රමානුකූලව වැඩ කටයුතු කරයි. දියුණු වීමට වැඩි කැමැත්තක් ඇත . ඒත් උනන්දුව උත්සාහය තරමක් හීනයි.
ඔබේ ලග්නය වෘෂභ නම්,
වැඩි දුරදිග නොසිතා හදිසි තීරණ ගනී. විවාහය ගැනත් මුල් කාලයේ හදිසි විය හැකිය. වයසින් මුහුකුරා යත්ම තමා යොවුන් වියේදී ගත් තීරණ වැරදි බව හිතට හැඟේ. මේ නිසා විවාහය තරමක් කල් පසු වීම හොඳ බව පෙනේ. ඔබ තුළ කලබලකාරි කලහකාරී කලහාකාරි හැසිරිමක් ඇත. ඉක්මනින් කෝපයට පත්වේ. අහන්කාර ගතියත් එසේම පවතී.
ඔබේ ලග්නය මිථුන නම්,
උසස් පරමාර්ථයන්, සිතුවිලි සිතේ ඇති අයෙකි. තම අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීමට වෙහෙස ගනී. කෙසේ නමුත් ඔබේ සිතේ ස්ථිර බව අඩුය . පරස්පර විරෝධී අදහස් සිත තුළින්ම මතු වෙයි. මෙනිසා හවුල් වැඩට හොඳ නැත. විවාහයට කලබල වන්නේ නැත. ඒත් ප්‍රේම සබඳතා හෝ විවාහ ඉදිරියේ සිත චංචලයි. කතාවට වගේම වැඩටත් දක්ෂ සහකරුවෙකු හෝ සහකාරියක හිමිවේ.
ඔබේ ලග්නය කටක නම්,
කරන කියන වැඩ කටයුතුවල මුලදී එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබේ. කටයුත්තක් අසාර්ථක වූ සැනින් මානසිකව ඇද වැටෙන ස්වභාවයක් ඔබ තුළ ඇත. ග්‍රහයන් බලවත් නම් දියුණුව ඇති වේ . ඉක්මනින්ම ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට පෙළඹෙයි.
ඔබේ ලග්නයේ සිංහ නම් ,
සිතේ තෙතමනය ඇති අයෙකි . අන් අයගේ දුක් කරදර හමුවේ සිත සංවේදී වේ . ආගම භක්තිය ඇත . ස්ථිර ප්‍රතිපත්ති වලින් යුතුය . ප්‍රේම සබඳතා හෝ විවාහයේදී අවංකයි. මොනදේ උනත් තමා පෙම් කරන කෙනාව තනි නොකරයි .
ඔබේ ලග්නය කන්‍යා නම් ,
ස්ථිර ප්‍රතිපත්ති නැත. යමක් එක දිගට කරගෙන යාමේ හැකියාවත් අඩුය. අනවබෝධය හෝ සැකය නිසා ප්‍රේමයට විවාහයට බාධා ඇති වේ.
ඔබේ ලග්නය තුලා නම් ,
ස්ථිර ප්‍රතිපත්ති ඇති අයෙකි. ක්‍රියාශීලී කඩිසර බව ඔබ තුළින් කැපී පෙනේ . ප්‍රේමය ඉදිරියේ අවංකයි . ඒත් තම පෙම්වතා හෝ පෙම්වතිය, නැතිනම් සැමියා හෝ බිරිඳ තමාට අවශ්‍ය පරිදි පාලනය කිරීමට ම සැරසෙයි. වියදම් පාර්ශවය අධිකයි. ඔබ තුළ ලෝබකමක් කියා දෙයක් ගෑවිලා වත් නැති තරම්ය.
ඔබේ ලග්නය වෘශ්චික නම් ,
වැඩ කටයුතු වල ක්රමානුකූල බවක් දක්නට නැත . රාගික බව වැඩිය . සිතේ ඇතිවන හැඟීම් පාලනය කිරීම අසීරු ය . විවාහ දිවියේ සාර්ථකත්වයක් දක්නට නැත . එහෙත් වෙනත් ග්‍රහ බලපෑම් මත මේ තත්වය වෙනස් විය හැකි බව සලකන්න .
ඔබේ ලග්නය ධනු නම් ,
තැනට සුදුසු ලෙස කටයුතු කරන අයෙකි . විනෝදයෙන් සැහැල්ලුවෙන් කල් ගෙවයි . යමක් සිතා මතා කිරීමේ හැකියාව ඇත . පෙම් ,
හෝ විවාහයට කෙනෙකු තෝරා ගන්නෙත් හොඳින් හිතා බලා ය . ආවට ගියාට ප්‍රේම සබඳතා ඇති කර ගන්නේ නැත .
ඔබේ ලග්නය මකර නම් ,
තරමක් ගුප්ත අදහස් ඇති අයෙකි . ඉක්මනින් කෝපයට පත්වෙන හෝ කලබලකාරී ගතිය දක්නට ඇත . පෙම් සබඳතා කිහිපයක්ම ඇති වී අර්බුදකාරී ලෙස ඒවා මඟ හැරී යයි . විවාහය එතරම් ශක්තිමත් නොවේ.
ඔබේ ලග්නය කුම්භ නම්,
ඔබ සමාජශීලී අයෙකි. කොයි කාගෙත් සිත් දිනා ගැනීමට සමත් වේ. ස්ථිර අදහස් ඇත . එක් අයෙකුට පමණක් පෙම් කිරීම ඔබේ ප්රතිපත්තියයි . විහිළුවටවත් වෙන කෙනෙක් ගැන සිතන්නේ නැත . විවාහ ජීවිතය සාර්ථක වේ .
ඔබේ ලග්නය මීන නම් ,
අන් අය රැවටීමට දක්ෂ අයෙකි . හේතුවක් ඇතත් නැතත් තම පෙම්වතා හෝ පෙම්වතිය රවටයි . විවාහ දිවිය තුළ ද මේ ප්‍රතිපත්තිම ක්‍රියාත්මක වේ. ඇත්ත අඩුය , බොරුව වැඩිය.
** සැලකිය යුතුය :-
ඔබේ කේන්ද්‍රය කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ සිටී නම් ඔබේ ලග්නයට අනුව හිමිවන පලාපලයක් කෙටියෙන් මෙහි දක්වන ලදී. මේ කියන කරුණු කාරණා වෙනත් ග්‍රහ බලපෑම් මත සුළු වශයෙන් හෝ වැඩි වශයෙන් වෙනස් විය හැකි බවත් සලකන්න.
Copied 🙂